song lyrics / Macuz / 18 lyrics  | FRen Français

18 lyrics

Performer Macuz

18 song lyrics by Macuz official

18 is a song in indeterminate language

නැති උනෙ දුක කොළ රෝල් අදිද්දි
උනා නන් උනේම කාළකණ්ණි සිද්ධි
දැනගෙනයි හිටියෙ කාගෙ කාගෙ විත්ති
අදිද්දි කහිද්දි වැදුනා බලන් ඉද්දී

සුන්දරයි මනසින් දකිද්දි
කලුවරයි මනස විදවද්දි
භයානකයි මිනිස්සු රගපාද්දි
වයස ටිකයි ඒත් මං වෙලා ඩො නාස්ති

දශක දෙකක් ගෙවිලා නැ ජිවිතෙ තාමත්
හැබැයි තේරුන් ගියා ගොඩක් දේවල් උනාම හාමත්
නැතිවෙන්නෙ ටික ටික මට මාවත්
නෑ පිහිට දෙවි ළගින් ඉන්නෙම සාතන්

ඉන්නෙ පාඩුවෙ යන්නෑ කාටවත් දුක දී
දෝණිලා නළවයි උගෙම අම්මට දුක දී
වැරැද්ද තමයි උඹලව හදපු එක සැපදී
මොන කෙරුමත් නවතින්නෙ පෙට්ටියක සැතපී

විසෙන් විස නසන්න වසට හුරුවුනා
ටිකක් යද්දි සතුට දුක මැදින් තෙරපුනා
කල් යද්දි කාගෙත් පිටපත් කටපාඩන් උනා
සමාජෙන් දුරස් උනා ඔව් බන් මම වෙනස් උනා

නැති උනෙ දුක කොළ රෝල් අදිද්දි
උනා නන් උනේම කාළකණ්ණි සිද්ධි
දැනගෙනයි හිටියෙ කාගෙ කාගෙ විත්ති
අදිද්දි කහිද්දි වැදුනා බලන් ඉද්දී

සුන්දරයි මනසින් දකිද්දි
කලුවරයි මනස විදවද්දි
භයානකයි මිනිස්සු රගපාද්දි
වයස ටිකයි ඒත් මං වෙලා ඩො නාස්ති

දැන්වත් නවත්තපන් රගපෑම්
තේරෙනවා හොදට දැන් මවාපෑම්
කියන්නෙ පත්තිනි හැබැයි වගෙ උන්ගෙ ඩෑම්
ඉන්නෙ පාඩුවෙ ඕන්නැ ගන්න මට රෑන්ක්

හම්බුනා මිනිස්සු ගොඩක් උන් කුජීත
කවුරු කොහොම කිව්වත් මම වෙන්නෑ විනීත
ඇගෙන් භාගයක්ම දැන් වෙලා විලීන
හැදියන් දැන්වත් මොළේට වියන් සමීප

විශ්වාස නෑ කවුරුත් හිටියත් කාවත් කොහොමත්ම
උදේ හවස පන්සිල් උන් දැන් හෙන බෝසත්ද
කුණු පුරුවන් පිටින් උන් හෙන සිරිමත්ද
තේරුන් ගියා ඇත්ත නැත්ත ගන්නෙ නෑ ඩො කාගෙත් පැත්ත

වින්දා නින්දා හැමදාමත් අපහස
දරිද්‍ර ලෝකෙ කෝ බන් දැන් නිදහස
ඇන්න පැන්න කොල්ලො උනා පරිණත
විදපන් ජීවිතෙ විදවන්න එපා එකතැන

නැති උනෙ දුක කොළ රෝල් අදිද්දි
උනා නන් උනේම කාළකණ්ණි සිද්ධි
දැනගෙනයි හිටියෙ කාගෙ කාගෙ විත්ති
අදිද්දි කහිද්දි වැදුනා බලන් ඉද්දී

ඕන නැ කෙමිකල් පිහිට සොභාදහමයි
මට මම විතරයි මං මට භාරයි
විදවන්න එපා මතකයන් හිත පාරයි
ගෙවෙන්නෙ සංසාරයි දැවෙන්නෙ මල් පාරයි

දුකට සැපට එකට ඉන්න උන්ව මතකයි තාමත් හොදට
දුමට ඇදුනෙ ජීවිතෙ ටික ටික ගෙවි යද්දි හිතම දුකට
ඕන නැ මාලිමාව මම යන්නෙ මගෙ පාරෙ රාමුවෙන් පිටට
කනට භාරයි bars මේ සියළුම හිමිකම් රජරටට

සුන්දරයි මනසින් දකිද්දි
කලුවරයි මනස විදවද්දි
භයානකයි මිනිස්සු රගපාද්දි
වයස ටිකයි ඒත් මං වෙලා ඩො නාස්ති
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for 18 lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the top of the smiley
2| symbol at the bottom of magnifying glass
3| symbol to the right of the house
grid grid grid
grid grid grid
grid grid grid